උත්සව සමයේ කාර්යක්‍ෂම සහ විශ්වසනීයත්වයෙන් යුතුව ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මඟී ප්‍රවාහණ පහසුකම් සැලැසීම සම්බන්ධයෙන් මඟී ජනතාවගේ නොමඳ ප්‍රශංසාව දිනාගෙන ඇත.
අවුරුදු සමයේ තම ගම්බිම් කරා යාමට ප්‍රමාණවත් බස්රථ යොදවා තිබූ ආකාරයෙන් ම ආපසු කොළඹට පැමිණීමට ද එවැනි සේවාවක් සපයමින් සිටී.
එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායම් ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර, සේවා තත්ත්වය ද වෙනස් විශේෂ උත්සව කාලවලට වඩා ඉහළින් ම ලබා දී තිබීම පිළිබඳව මගි ජනතාව මෙන් ම ගමනාගමන මණ්ඩලයේ සේවකයන් ද විවිධ මාධ්‍ය නාලිකාවලට අදහස් දක්වමින්, ඉහළ අගැයීමකට ලක් කරමින් සිටී.
Saru FM Media