සටහන – රුවන් නෙළුගොල්ල
කොළඹ පිහිටි ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11) පස්වරුවේ කටයුතු කර තිබේ.
ඒ අනුව එහි ආරක්ෂාව සඳහා කොහුවල පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් සිව්දෙනෙකු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ද යොදවා ඇති බව සඳහන්.
2009 වසරේ සිට නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල් අඟුරු ආනයනය කළ ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම්වරයා කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනයේදී අදාළ විමර්ශනය ආරම්භ කර තිබිණි. මෙසේ 2009 වසරේ සිටම ගල් අඟුරු ආනයනය කළ ආකාරය පිළිබඳ විමර්ශනය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබුණේ ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ගෙන්වීම පිළිබඳව වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට චෝදනා එල්ල වන පසුබිමක් තුළය.
The post ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට CIDය සීල් තියයි appeared first on LNW Sinhala.
Saru News















