ලංකාවේ දූෂිතයන්ගෙන් ජපානයටත් බේරෙන්න බැරුව ගියා! ජපන් තානාපති ලංකාවේ දූෂිතයන් ගැන කියපු දුක හිතෙන කතාව! Sri Lanka Latest News

0
2


ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයා විසින් මේ ආකාරයෙන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීම තුළින් පැවැති රනිල් රාජපක්ෂලාගේ දූෂිත ආණ්ඩුව පිළිබඳ ජාත්‍යන්තරය විසින් ලබාදී තිබෙන තක්සේරුව මනාවට හෙළිකර ඇත. Sri Lanka Latest News

පළපුරුදුකාරයෝ යැයි කියමින් මේ රට ලෝකයේ ඉදිරියේ කොන්වූ දූෂිත රාජ්‍යයක් ලෙස ඔවුන් හංවඩු ගසා තිබූ අභාවාචක තත්ත්වය තේරුම් ගැනීමට මීට වඩා තවත් සක්ෂි අවශ්‍යද නැත.

ජයිකා ආධාර මත තමුන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ආයෝජන ව්‍යාපෘතිවලින් ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් කප්පම් ඉල්ලන බවට පැමිණිලි කර තිබියදීත් ඒ චෝදනා එල්ලවූ දූෂිතයන්වම කිසිදු හෝ වෙනස්කමක් නොකොට තම ඇමැති මණඩලයේ තබාගැනීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කළ බව අමුතුවෙන් කිව යුතුද නැත.

ඒ වගේම ලෝකය ඉදිරියේ දූෂිත රටක් ලෙස හංවඩු ගසා රටෙ අභිමානය පවා බිංදුවටම ඇද වට්ටවා තිබූ මොහොතක මේ රටේ පාලනය භාරගත් අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් මාස පහක් වැනි කෙටි කාලයක් තුළ මෙරටට ලෝකයෙන් වැදී තිබුණු දූෂිත ලේබලය ගලවා දමා රටේ අභිමානය යළි තහවුරු කිරීමට සමත්ව තිබෙන විශිෂ්ට ආකාරයත් ජපාන තානාපතිවරයාගේ මේ ප්‍රකාශය තුළම පැහැදිලිවම අන්තර්ගතව තිබේ.

ජපන් තානාපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශයේ වැදගත්ම කොටස පහතින් දක්වා ඇත.

‘ජපානය ශ්‍රී ලංකාවේ මුල්බැසගත් දූෂණයේ ගොදුරක් වූ වින්දිත රාජ්‍යයක් බව ජපාන තානාපති අකියෝ ඉසමාටා පවසයි.
ඔහු දැඩි ලෙසම අවධාරණය කරන්නේ විදේශ ආයෝජන ආකාර්ෂණය කරගැනීම සඳහා විනිවිදභාවයේ අවශ්‍යතාවක් අනිවාර්යයෙන් ශ්‍රී ලංකාව තුළ තිබිය යුතු බවය.

ඔහු මේ බව අවධාරණය කළේ පසුගියදා ෆාත් ෆයින්ඩර් ආයතනය සංවිධානය කළ වටමේස සාකච්ඡාවකදීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජපන් තානාපති අකියෝ ඉසමාටා ප්‍රකාශ කළේ වත්මන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ජපානයේ සහයෝගය නැවත තහවුරු කළ බවත්, ඒ වෙනුවෙන් නව රජයේ අදූෂිත දූෂණ විරෝධී භාවිතාව පිළිබඳ ජපානය තුළ දැඩි ලෙසම පැහැදීමක් ඇතිව තිබෙන බවය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලස්ම ජපාන රජය විසින් සාදරයෙන් පිළිගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.’

ඉඳුනිල් පෙරේරා ෆේස්බුක් පිටුවෙනි



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here