ලංකාවේ තෙල් ‍පෝලිම් රජයේ වරදක් නිසා නොවෙයි, පුද්ගලික තෙල් සමාගම් තෙල් බෙදාහැරීම ප්‍රමාද කරනවා – පිරවුම්හල් හිමියන්ගේ සංගමය – Saru News | සිංහල

0
3

ඉන්ධන බෙදාහැරීම නිසි ලෙස සිදු කරන්නේ රජයේ සිපෙට්කෝ ආයතනය පමණක් බවත්, අනෙකුත් පුද්ගලික ඛනිජ තෙල් සමාගම් තුනම තෙල් නිකුත් කරන්නේ සීමාසහිත ලෙස බවත්, පෝලිම් ඇතිවී ඇත්තේ ඒ නිසා බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ අනාවරණය කරයි.

මෙය රජයේ වරදක් නොව, අදාල පුද්ගලික සමාගම් විසින් හිතාමතා ප්‍රමාද කරමින් සිදුකරන දෙයක් බවත්, එයට සාක්ෂි ඇති බවයි ඔහු සඳහන් කරයි.

මේ අතර ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ QR කේතය සම්බන්ධයෙන් ජනතාවට පැන නැඟී ඇති ගැටලු විසඳාගෙන අද (18) සිට ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන ලෙසටය.

කුමන හදිසි අවශ්‍යතාවක් ඇති වුව ද, QR කේතය නොමැතිව අද සිට ඉන්ධන නිකුත් නොකරන බවයි එම සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ සඳහන් කළේ.

හදිසි අවශ්‍යතාවක් සිදු වුව හොත් සිදු කිරීමට දෙයක් නොමැති බවත්, වෙනත් අයකුගේ වාහනයකින් එම හදිසි අවශ්‍යතාව සඳහා ගමන් කරන ලෙස ඉල්ලා සිටින බවයි පිරවුම්හල් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here