නිශ්මං රණසිංහ ,අප්‍රේල් 13, කොළඹ LNW:
ඔස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම සහ එංගලන්ත කාන්තා ඒ කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරගයේදී එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන මලීශා තෙන්නකෝන් සහ විනස් වීරප්පුලි එංගලන්තය ජය කණුව කරා රැඟෙන යන්නට උත්සාහ කළත් ස්කෙවෙයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි විමෝක්ෂා බාලසූරිය පන්දුව රැකගෙන නැවත දකෂ ලෙස භාරදීම හේතු කරගෙන මලීෂාට දුවද්දී දැවී යන්නට සිඳු විය.ඒ වන විට පන්දු හතරකදී ජයග්‍රහණය සඳහා එංගලන්ත ක්‍රීඩිකාවන්ට ලකුණු 9 ක් අවශ්‍යය වි තිබිණ.එම දුවද්දී දැවී යාමත් සමඟ එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ලකුණු 8 කින් වාර්තා විය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර් 20 නිමාවන විට කඩුලු 6 ක් දැවී ලකුණු 136 ක් රැස් කර ගන්නට සමත් විය.එම ඉණිමට වැඩිම දායකත්වය ලැබුණේ සංජනා කාවින්දිගෙන්ය.ඇය ලකුණු 45 ක් රැස කළේ පන්දු 33 කින් ය.හතරේ පහර 5 ක් සහ හයේ පහර දෙකක් ඊට ඇතුළත් විය.
ඊයේ තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ඉහළම දායකත්වය සටහන් කළ බවට තීරණය කරමින් ලිමන්සා තිලකරත්න වීරවරියේ සම්මානයේ හිමිකාරිය වූවාය.ඇය පන්දු 18 න් ලකුණු 14 ක් නොදැවී ලබා ගැනීමට අමතරව පන්දුවෙන් ඉහළ දස්කම් දක්වමින් ලකුණු 26 ට කඩුුලු 3 ක් දවා ගන්නටද සමත් වූවාය.එහෙත් මේ විරකමට නොදෙවෙනි වීරවිරියක්ද උන්නාය.ඇය නෙතඟි ඉසුරාංජලී ය.නමේ අරුතෙන්ම කණ්ඩායමට ඉසුර උදා කරන්නට ඇගේ පිත්තෙන් දායකත්වය ලකුණු 25 ක් විය.එසේම ස්ටම්ප් කිරීම් තුනක්ම ඇයගේ අතින් සිඳු විය.අවසානයේ තරගයේ තීරණාත්මක දුවද්දි දැවී යාම ලබා ගනිද්දී ද නෙතගි විමෝක්ෂා විසින් එල්ල කරන ලද පන්දුව සුරැකිව රැකගෙන නිවැරදිව කඩුල්ල බිඳ දම්මාය.
එංගලන්ත ඉණිම වෙනුවෙන් වැඩිම ලකුණු දායකත්වය ලබා දුන්නේ පන්දු 24 න් ලකුණු 23 ක් ලැබූ ජෙනෙවීව් ජියර් ය.එහෙත් ශ්‍රී ලංකාවට බලපෑම් සහගත ඉණිම දියත් කළේ අංක 10 පිතිකාරිණිය ක්ලාරා ටකර් ය ඇය පන්දු 9 ක් තුළ ලකුණු 20 ක් ලබා ගත්තේ හයේ පහර දෙකක් ද සමඟය.ඇය සහ මලීෂා තෙන්නකෝන් නවවන කඩුල්ලට ලකුණු 26 ක් එක් කරන්නට සමත් විය.කඩුලු 9 ක් දැවුණු පසු පිටියට පිවිසි විනස් විරප්පුලි මුහුණ දුන් පළමු පන්දුවෙන්ම හතරේ පහරක් එල්ල කරමින් තරගය අත් නොහැරි බව සටහන් කළාය.පන්දු හයකින් ලකුණු 12 ක් වූ අවසාන ඕවරයේ මුල් පන්දු දෙකට ලකුණු 3 ක් එක් වෙද්දී මලීෂා දුවද්දී දැවී නොගියානම් තරගයේ තීරණය වෙනස් වෙන්නද තිබිණ.
ශ්‍රී ලංකේය සමභවයක් ඇති මලීෂා සහ වීනස් තමන් නියෝජනය කරන රට වෙනුවෙන් සිය උපරිමට ඉටු කරමින් මේ තරගයේදී පෑ දස්කම් ද ලාංකේයත්වයට ඇගයීමක්ය.වීනස් පන්දු ඕවර් 4 දි ඇය ලකුණු 19 ට කඩුලු 2 ක් දවා ගත් අතර එයින් එක් කඩුල්ලක් එංගලන්තයට තදින් බැට දෙමින් සිටි සංජනා කාවින්දිගෙ විය.මලීෂා ද ලකුණු 25 ට කඩුල්ලක් දවා ගත්තාය.ඒ අතින් බලන විට මේ තරගෙයේ දී දෙපිළේම දක්ෂතා අතර ලාංකේයත්වයට ලැබෙන ගෞරවය ඉතා වැදගත්ය.ඒ නිසා අපි වීනස්ට සහ මලීෂා ට ද සුබ පතන්නෙමු!


The post ලංකාවෙ දෙන්නගෙන් ලංකාව බේරා ගැනීම appeared first on LNW Sinhala.
Saru News
















