ලංකාවෙන් දැමූ රතු වරෙන්තු රටවල් බොහොමයක් ප්‍රතික්ෂේප කරලා

0
3

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, මූල්‍ය වංචා හා බරපතළ අපරාධ සිදුකර මෙරටින් පලා ගොස් සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කරන ලද ඇතැම් ජාත්‍යන්තර වරෙන්තු විදෙස් රටවලින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

අදාළ රටවල භාවිත කරන භාෂාව නිවැරැදි අයුරින් සඳහන් නොකර අඩුපාඩු සහිතව නිකුත් කරන ලද ජාත්‍යන්තර රතු වරෙන්තු එලෙස ඇතැම් විදෙස් රටවලින් ප්‍රතික්ෂේප කර ඇත.

මේ අතර විශේෂ නඩු කටයුතුවලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කරන ලද ජාත්‍යන්තර රතු වරෙන්තු අඩුපාඩු සහිතව යොමු කිරීම හේතුවෙන් ඒවා විදෙස් රටවලින් ප්‍රතික්ෂේප කර තිබෙන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා අවධාරණය කළේය.

එම නිසා බරපතළ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වෙත කරන ලද ඉල්ලීම් අනුව නිකුත් කරන ජාත්‍යන්තර වරෙන්තු නිවැරැදි ආකාරයෙන් සකස් කර විදෙස් රටවලට යොමුකරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

මූලාශ්‍රය – අරුණ

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here