ලංකාවට තෙල් ප්‍රශ්නයක් නැහැ – තෙල් සංස්ථා සභාපති

0
2

මැද පෙරදිග මතුව ඇති තත්ත්වයත් සමග මෙරට කිසිදු ඉන්ධන අර්බුදයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා පවසයි.

පවතින යුදමය තත්ත්වය තුළ මෙරට ඇතැම් ප්‍රදේශවල ඉන්ධන ලබා ගැනීම සඳහා මහජනතාව විශාල වශයෙන් ඉන්ධන පිරවුම්හල් වෙත ගමන් කිරීමේ තත්ත්වයන් නිර්මාණය වී ඇති බැවින් ඒ සම්බන්ධව අදහස් පළ කරමින් ඒ මහතා පැවසුවේ ඉන්ධන සම්බන්ධව කිසිදු ගැටලුවක් නොමැති බවය.

තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ මෙරටට පෙට්‍රල් සහ ඩීසල් තොග ගෙන්වීම මැදපෙරදිග රටවල්වලින් සිදු නොවන බවත් මේ හේතුවෙන් කිසිදු කළබලක් ඇති කර නොගන්නා ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලීමක්ද කරන බවය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා,

“එහෙම කළබල වෙන්න කිසිම හේතුවක් නෑ. අපි සම්පූර්ණ තොග ගණනය කරලා බැලුවා. අපිට සියලුම දේවල් මාසෙක කාලයකට කිසිදු ගැටලුවක් නැතිව දුවන්න පුළුවන්. හේතුව අපිට තියෙන තොග සහ දැනට ළඟා වෙමින් තියෙන තොග තව දවස් 37කට ප්‍රමාණවත්. ඩීසල් දවස් 35කට ප්‍රමාණවත්, ගුවන් යානා ඉන්ධන දවස් 47කට ප්‍රමාණවත්. ඒ කියන්නේ දැනට ළඟා වෙමින් පවතින ඉන්ධන තොග සහ අපේ තියන ස්ටොක් ඔක්කෝම එකතු කළාම එතැනින් එහාට කිසිදු නැවක් ආවේ නැතත් අපිට මේ කියන දවස් ගානට කිසිම කරදරයක් නැතිව දුවන්න පුළුවන්.
ඊගාවට අපිට පිරිපහදු ඉන්දන ඒ කියන්නේ ප්‍රෙට්‍රල්, ඩීසල් හැටියට එන තෙල් අපිට ගොඩක් වෙලාවට මැදපෙරදිග රටවලින් නෙමෙයි එන්නේ. හේතුව නැව් ගාස්තු සහ ඒ හරියේ ඉඳන් එනකොට දුර වැඩියි. පසුගිය කාලේම අපිට ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාවෙන්, සිංගප්පූරුවෙන්, මැලේසියාවෙන් සහ කොරියාවෙන්. බොරතෙල්වලට විතරයි බලපෑමක් ආවොත් වෙන්නේ මේ වෙනකොට තියෙන සංචිත මාසයක් දුවන්න ප්‍රමාණවත්. ඒ නිසා කිසිදු කළබලයක් ඇති කරගන්න අවශ්‍ය නෑ. ජනතාව අනවශ්‍ය ලෙස කළබළ වුණොත් තමයි අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්නේ. ඒ හින්දා ජනතාවට කියන්න තියෙන්නේ කිසිම ගැටලුවක් නැතිව සාමකාමී විදිහට යන්න.”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here