මහා බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු ඊයේ (27) දිනයේ හදිසියේ රෝහල්ගතකර තිබෙනවා.
චාල්ස් රජු හට වැලදී ඇති පිළිකා රෝගයට සිදු කෙරෙන ප්‍රතිකාරයන්ගේ අතුරු ආබාධ හේතුවෙන් මෙලෙස රෝහල්ගතකළ බවයි බකින්ග්හැම් මාලිගය නිවේදනය කරන්නේ.
ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ඔහු රෝහලෙන් පිටව ගිය බවයි වාර්තාවන්නේ.
කෙසේ වුවද චාල්ස් රජු ධුරයේ රාජකාරි සිදුකරන බවද බකිම් හැම් මාලිගය පවසනවා.
බර්මින්ග්හැම් නගරයේ ඔහු සිදුකිරීමට නියමිතව තිබූ විශේෂ සංචාරය රෝගී තත්ත්වය හේතුවෙන් අවලංගු කළ බවද සඳහන්.
2024 වසරේ පෙබරවාරි මාසයේදී චාල්ස් රජුට පිළිකාවක් වැළදී ඇති බව වෛද්‍යවරුන් අනාවරණය කර ගත්තා.
Saru FM Media