රෝස පැහැ තොල් කියන්නේ ගැහැනු ළමයෙක්ගේ සිහිනයක්. ලස්සන තොල් වලින් ඔබට හොඳ පෙනුමක් ලැබෙනවා.නා දළු වැනි දෙතොල් තියන ගැහැනු ළමයි සාහිත්‍යය තුළ පවා වර්ණනා කරන්නේ ඒකයි. අඳුරු දෙතොලක් අපේ මුහුණට අඳුරු පෙනුමක් අරන් එනවා. ඔබ මොනතරම් පැහැපත් වුණත් අඳුරු තොල් ඔබේ පෙනුමට හානි කරන්න පුලුවන්. ඒ වගේම ඔබට හැම වෙලාවකම Lipstick පාවිච්චි කරන්නත් වෙනවා.
මේ හේතු නිසා ඔබේ තොල් අවපැහැ වෙන්න පුලුවන්.
නිතරම හොඳ Lip balm එකක් පාවිච්චි කිරීමෙන් අපට දෙතොල් තෙත්ව තබා ගන්න පුලුවන්. හොඳ Brand එකක් තෝරා ගැනීම නම් අත්‍යවශ්‍ය දෙයක්.
පිපිඤ්ඤා සිහින්ව කපා තොල් මත තබාගන්න. එම juice එක තොල්වලට හොඳින් උරාගන්න දෙන්න.
දිනපතාම විනාඩි පහක් මෙය කරන්න
ලෙමන් ගෙඩියක් පෙති කපා එය මතට සීනි ඉසින්න.
එය තොල් මත scrub කරන්න.
මෙය දිනපතා නින්දට පෙර කළ හැකි නම්, ලොකු වෙනසක් ඇති වෙනවා. ලෙමන්වල ස්වභාවික බ්ලීචින් අඩංගු වීම නිසා තොල් වල පැහැය ක්‍රමවත් වෙනවා.සීනිවල තියෙන රළු ගතිය නිසා තොල්වල ඇති මැරුණු සම ඉවත් වෙනවා.
දත් මැද්දට පස්සේ Toothpaste දෙතොල් වල ආලේප කර මඳක් පිරිමැද ඉවත් කරන්න.
දෙතොල් වල පැහැය පවත්වාගෙන යන්න මේ ප්‍රතිකාර ක්‍රම වැදගත්. නමුත් දැනටමත් ඔබේ දෙතොල් වලට හානි වී අඳුරු වී ඇත්නම් මිල අධික රූපලාවණ්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න කලින් මේ දේවල් කරලා බලන්න.
දෙහි,ග්ලිසරින් හා මී පැණි තේ හැඳි භාගය බැගින් ගෙන හොඳින් මිශ්‍ර කර රාත්‍රී නින්දට පෙර ඔබේ තොල්වල ආලේප කරන්න.
ප්‍රතිඵල ලැබෙනතුරු මෙය සිදු කරන්න.
රෝස වතුරට මී පැණි බින්දු කිහිපයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ඔබේ තොල් මත ආලේප කරන්න.
රෝස පෙති තලප මේස හැන්දකට බටර් තේ හැන්දක් සහ මී පැණි ස්වල්පයක් එකතු කරන්න. එය ඔබගේ තොල් මත ආලේප කර මෘදුව සම්බාහනය කරන්න.
මෙය සතියකට දෙවතාවක් සිදු කරන්න.
පොඩි කර ගත් දෙළුම් ඇට තේ හැන්දකට කිරි ස්වල්පයක් හා රෝස වතුර ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
ඉන් පසු මෙම මිශ්‍රණය ඔබේ තොල් මත ආලේප කර මිනිත්තු කිහිපයක් පිරිමදිමින් ස්ක්‍රබ් කර ගන්න.
පසුව මද රස්නේ වතුරෙන් සෝදා හරින්න.
ඔලිව් ඔයිල් ස්වල්පයකට සීනි ටිකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
ඉන් පසු මෙම මිශ්‍රණය තොල්වල ආලේප කර මෘදුව ස්ක්‍රබ් කරන්න.
රාත්‍රී නින්දට පෙර දෙතොල මත ඔලිව් තෙල් ආලේප කිරීමත් මේ තත්ත්වය වළක්වා ගන්න හොඳ සරල ප්‍රතිකාරයක්.
මී පැණි, යෝගට්, සහ කඩල පිටි තේ හැන්ද බැගින් ගෙන හොඳින් මිශ්‍ර කර තලපයක් සේ සාදා ගන්න. මෙම තලපය ඔබේ තොල්වල ආලේප කර මිනිත්තු විස්සම් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
මෙය දිනකට එක් වර බැගින් සිදු කරන්න.
රාත්‍රී නින්දට පෙර දෙතොල මත මී පැණි ආලේප කිරීමත් හොඳ ප්‍රතිකාරයක්.
මේ හැම දෙයක් එක්කම ඔබ අමතක නොකළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා. අඳුරු දෙතොලක් කියන්නේ ඔබ සෞඛ්‍යමත් නැති බවට ඉඟියක් වෙන්නත් පුලුවන්. ස්වභාවික ප්‍රතිකාර කරන අතරම ඒ ගැන සැලකිලිමත් වීමත් කළ යුතුමයි.
ඒ වගේම බාල මේකප් භාවිතය, මේකප් හරියට ඉවත් නොකිරීම වගේ දේවල් නිසා ඔබව අවලස්සන වෙන්න පුලුවන්. මේකප් තියෙන්නේ ඔබ ලස්සන කරන්න මිස ඉන්නවාට වඩා අවලස්සන කරන්න නෙවෙයි කියන දේ සිහියේ තියා ගන්න.
අපේ කාර්යබහුල ජීවිතය අපේ රූපයේ පුංචි වෙනස්කම් ඇති කරනවා. ඒ වගේ වෙලාවට හිත රිද්දා නොගෙන මේ වගේ ස්වභාවික ප්‍රතිකාර හරහා නැවත ඔබට ලස්සන වෙන්න පුලුවන්.
Saru FM Media