බස්නාහිර පලාත උතුර අපරාධ කොට්ඨාසය අධ්‍යක්ෂ රොහාන් ඕළුගල මහතාට ලැබුණු තොරතුරක් අනුව මිදිගම ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී ටී 56 ගිනි අවියක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම සිදු කරන අවස්ථාව සඳහා රොහාන් ඕළුගල මහතාද සහභාගී විය . අත් අඩංගුවට ගත් පුද්ගලයා මහ මඩකළපුව ගේ මහේෂ් කුමාර නැමති 35 හැවිරිදි තංගල්ල දන්කැටිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.
අත් අඩංගුවට ගත් ගිනි අවිය භාවිතා කර මිදිගම හෝටල් හිමිකරුවකු ට ප්‍රහාරයක් සිදු කිරීමට සැලසුම් කර තිබූ බව පොලිසිය පවසයි .
Saru FM Media









