රොස් ටේලර් සිය මවගේ රටෙන් යළිත් පිටියට

0
6

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් නවසීලන්ත හිටපු ක්‍රිකට් නායක රොස් ටේලර් සැමෝවා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් යළිත් ක්‍රිකට් පිටියට අවතීර්ණවීමට තීරණය කර තිබේ.

ඒ ඔහුගේ මව ලෝට්ගේ උපන් රටවන සැමෝවා ජාතික කණ්ඩායම නියෝජනය කරමින්ය.

එළැඹෙන 2026 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ‘ආසියා-නැගෙනහිර ආසියා-පැසිෆික්’ සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩාකරන සැමෝවා සංචිතය අද (5) නම්කළ අතර, ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ රොස් ටේලර්ගේ නමද ඇතුළත්ව තිබුණි.

මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඕමානයේ දී පැවැත්වීමට නියමිත අතර, එය සැමෝවා කණ්ඩායමට ලෝක කුසලාන වරම් හිමිකරගැනීමට ඇති අවසාන පියවර ද වේ.

නවසීලන්ත පියෙකු හා සැමෝවා මවකදාව උපන් හෙයින් රොස් ටේලර්ට සැමෝවා සම්භවයක් තිබේ.

රොස් ටේලර්ගේ සම්පූර්ණ නමවන ‘ලුටෙරු රොස් පූටෝවා ලෝට් ටේලර්’ ලෙසින් හැඳින්වෙන්නේ ද මෙම සම්මිශ්‍රණය හේතුවෙන්ය.

නවසීලන්ත ක්‍රිකට් පුරාවෘත්තයක් බදු ඔහු අදටත් නවසීලන්ත දෙවන වැඩිම ටෙස්ට් ලකුණු (7,683), වැඩිම එක්දින ලකුණු (8607) මෙන්ම 5වන වැඩිම විස්සයි20 ලකුණු (1909) ලාබියාය.

තවද තෙවන නවසීලන්තය වෙනුවෙන් ඉහළම ටෙස්ට් ඉනිම (290), දෙවන වැඩිම ටෙස්ට් ශතක (19), වැඩිම එක්දින ශතක (21) ඇතුළු නවසීලන්ත ක්‍රිකට් වාර්තා රැසකට ඔහු හිමිකම් කියයි.

සැමෝවා ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකිරීම තහවුරු කරමින් ටේලර් පවසා සිටියේ, ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස තමන්ට සැමෝවා නියෝජනය කිරීමට ලැබීම ගැන ආඩම්බරවන බවය.

“ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැමෝවා නියෝජනය කිරීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. මෙය මා ආදරය කරන ක්‍රීඩාවට නැවත පැමිණීමකට වඩා වැඩි දෙයක්. මගේ උරුමය, සංස්කෘතිය සහ පවුල නියෝජනය කිරීමට ලැබීම විශාල ගෞරවයක්” යනුවෙන් ටේලර් පැවසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here