ඉන්දියාවේ පැවැත්වෙන 4වන දකුණු ආසියායනු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (25) පැවති පිරිමි මී. 110 කඩුලු මතින් දිවීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට රොෂාන් රණතුංග සමත් විය.
තරගය අවසන්කිරීම සඳහා ඔහු තත්. 13.90ක දක්ෂතාවක් දැක්වීය.
මෙහි රන් පදක්කම දිනූ ඉන්දීය ක්‍රීඩකයාට අවසානය දක්වාම තියුණු සටනක් දීමට රොෂාන් සමත් විය.
ඉන්දීය ක්‍රීඩකයා සිය ඉසව්ව තත්. 13.78කින් අවසන් කළේය.
මෙහි ලෝඩක පදක්කම ද ඉන්දීය ක්‍රීඩකයෙකු විසින් දිනාගත්තේය.
Saru FM Media











