අභිනව පාප් වහන්සේ ලෙස අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් වතිකානයේ වේලාවෙන් අද (8) පස්වරුවේ තේරී පත්වී තිබෙනවා
ඒ අනුව උන් වහන්සේ 14වන ලියෝ පාප් වහන්සේ ලෙසින් නම්කර ඇති බවයි විදෙස් මධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා ද ලෙසින් ඉතිහාසයට එක්වනවා .
දෙදිනක් පැවති පාප්වරණයෙන් අනතුරුව තේරී පත්වූ අභිනව පාප් වහන්සේ 69වන වියේ පසුවන ලියෝ පාප් වහන්සේ 267වන පාප් වහන්සේය.
ඒ අනුව බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් 14වන ලියෝ පාප් වහන්සේ නායකත්වය දෙනු ඇත.
Saru FM Media