රේසර් කිරීමෙන් ලිංගික අවයවල ඇති වන ආසාදන වළක්වා ගමු

0
10


ලිංගික අවයව ආශ්‍රිත රෝම ඉවත් කිරීමට කාන්තාවන් බහුලව යොදා ගන්නා ක්‍රමයක් ලෙස රේසර් කිරීම හැඳින්විය හැකියි. නමුත් බොහෝ දෙනෙක්‍ට ඇතිවෙන ගැටලුවක් තමයි රේසර් කිරීමෙන් පසු ආසාදන ඇති වීම. අපි අද කතා කරන්නේ එවන් ආසාදන වළක්වා ගන්නා ආකාරයයි.

සෑමවිටම අලුත් රේසරයක් භාවිතා කිරීමට වග බලාගන්න. ඔබ හෝ වෙනත් කෙනෙක් භාවිතා කරන ලද රේසරයක් නැවත භාවිතා කිරීම කිසිසේත් ම සුදුසු නැහැ. ඉන් ආසාදන මෙන් ම අසාත්මිකතා වුවත් සෑදෙන්නට පුළුවන්. ඒ නිසා අලුත් ම රේසරයක් භාවිතා කරන්න. තලවල මළකඩ ඇත්දැයි හොඳින් පරීක්ෂා කරන්න. දැන් සංවේදී ප්‍රදේශවලට, කාන්තාවන්ට ම වෙන් වූ ආදී විවිධ පරාසයන්ගෙන් රේසර් වෙළඳපොලේ තිබෙනවා.

රේසර් කිරීමට සුදුසු ම වෙලාවක් ලෙස ඔබ නාන වෙලාව හඳුන්වන්නට පුළුවන්. ශරීරය පිරිසිදු කළ පසු, තෙතමනයත් හොඳින් ම පවතින නිසා මේ වෙලාව ඉතා ම සුදුසුයි. සුදුසු පිරිසිදුකාරයක් මගින් අවශ්‍ය ප්‍රදේශ පිරිසිදු කරගන්න.

ෂේවිං ක්‍රීම්/ජෙල් එකක් ඔබ රේසර් කරන විට භාවිතා කළ යුතුමයි. අනවශ්‍ය කැපීම් වළක්වා සම මෘදු ව හා තෙතමනය සහිත ව තබා ගන්නට මෙය ඉතා වැදගත් වෙනවා. මෙමගින් රේසරය පහසුවෙන් ගෙන යාමට සුදුසු මතුපිටක් සකසනවා. ඔබට බයකින් තොර ව රෝම ඉවත් කිරීමේ හැකියාව මෙමගින් ලැබෙනවා. රේසර් කිරීමේදී මේ ෂේවිං ක්‍රීම් එක හෝ ජෙල් එක වියළී යනවා දැයි කල්පනාකාරී වන්න. එසේවනවා නම් වතුර ටිකකින් නැවත තෙමා ගන්න.

ඔබ රේසර් කරන විට රෝම වැවී ඇති අතට ම රේසර් කරන්නට වග බලාගන්න. විරුද්ධ අතට රේසර් කිරීමේදී සම කැපී යාමකට ලක් වීමේ අවදානම වැඩී. එනිසා රෝම වැවී ඇති දිශාව පිළිබඳ අවධානයෙන් පසු වෙන්න.

දැන් රේසර් කළ ප්‍රදේශය නැවත හොඳින් පිරිසිදු කරගන්න. තෙතමාත්තු කරගන්න. හැකි නම් අයිස් කැටයක් ගෙන හොඳින් තවාගන්න. නැත්නම් ටෝනර් ටිකක් දමාගන්න.

මේ වනවිට ඔබ රේසර් කළ ප්‍රදේශය වියළි බවකින් යුතු විය හැකියි. ඉක්මනින් ම හොඳ මොයිස්චරයිසර් එකක් ආලේප කරන්න. දින දෙක තුනක් යන තුරු දිනකට තුන් වතාවක්වත් ආලේප කරන්න.

මීට අමතර ව අවම වශයෙන් රේසර් කළ පළමු දින කිහිපයේවත් තෙමුණ විට හොඳින් තෙත මාත්තු කිරීම සිදු කරන්න. තෙත රැඳීමෙන් ආසාදන ඇති වියහැකියි. හොඳින් සෝදා හොඳින් වියලූ යට ඇඳුම් භාවිතා කරන්න. මේ අයුරින් සැලකිලිමත් වුවහොත් ඔබට රේසර් කිරීමෙන් ඇතිවන ආසාදන වළක්වා ගත හැකියි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here