රේබීස් එන්නත් මාත්‍රා මිලියන 3ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය

0
18


ජලභීතිකා රෝගය වළක්වා ගැනීම පිණිස ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන රේබීස් එන්නත් මිලිලීටර 0.5/ මිලිලීටර 1න් අක්‍රීය කරන ලද මාත්‍රා මිලියන 3ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය යටතේ ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබෙනවා.

ඒ සඳහා ලංසු 05ක් ලැබී තිබෙන බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අනාවරණය වූයේ.

ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ශ්‍රී ලංකාවේ M/s Gulf Pharma (Pvt) Ltd. (Manufacturer: M/s Chiron Behring Vaccine (Pvt) Ltd., India) වෙත අදාළ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 412.80ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here