රෂිකා හෙන්නායක
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කළ ගුවන් මගියෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඔහු ඉතාලියේ රැකියාවක නිරත වී යළි මෙරටට පැමිණි මාතර, තුඩාව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු ඉතාලියේ සිට ඩුබායි හරහා ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන අතර, සැකකරු විසින් රැගෙන ආ ගමන් මලු තුළ සගවා තිබූ නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් සහ විදේශීය මත්පැන් බෝතල් තොගයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී සැකකරු විසින් ඒවා පොළොවේ ගසමින් රේගු නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කර තිබෙන අතර, ඒ, පිළිබද රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ ගුවන් මගියා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව වාර්තා වේ.
Saru FM Media