රේගු දැළට කොටු වූ ඉන්දීය යුවළ

0
9


රුපියල් කෝටි 2ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඉන්දීය ජාතික යුවළක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (27) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 30ක් පමණ වයසැති මෙම ඉන්දීය යුවළ සමග ඔවුන්ගේ 6 හැවිරිදි දරුවාද සිට ඇත.

මෙම යුවළ තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ.

ඔවුන් විසින් රැගෙන ආ ගමන්මලු පරීක්ෂා කිරීමේදී ගමන්මලු 2ක් තුළ සූක්ෂමව චොකලට් ඇසුරුම් තුළ ඔතා තිබූ කිලෝ ග්‍රෑම් 2ක කුෂ් මත්ද්‍රව්‍ය රේගු නිලධාරීන් සොයාගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍යවලින් වහනයවන ගන්ධය ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය පුරා පැය ගණනාවක් පැතිර තිබූ බවද වාර්තා වේ.

අත්අඩංගුවට ගනු ලැබූ මෙම ඉන්දීය ජාතිකයන් මීට පෙර එක් වතාවක් මෙරටට පැමිණ ඇති බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අදාළ යුවළ ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.





Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here