ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසර තුළදී සම්පූර්ණ කළ යුතු ආදායම් ඉලක්කය ඊයේ (11දා) දිනයේදීම පසුකර ගිය බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් පවසා සිටියේ 2025 වසරේ ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 2115ක අගය ඉක්මවා යමින් ඊයේ දිනය වනවිට බිලියන 2117.2ක සීමාවට පැමිණීමට හැකි වූ බවද එම දෙපාර්තමේන්තුව කියා සිටී.
Saru FM Media









