රේගුවේ රඳවා ඇති වාහන කොන්දේසිවලට යටත්ව මුදාහැරීමට නියෝග

0
1

නිෂ්පාදිත රටින් බැහැර වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන කොන්දේසිවලට යටත්ව මුදාහැරීමට හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා රේගුව අද (16දා) අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබීය.

රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් විසින් ගොනුකර තිබෙනමූලික අයිතිවාසිකම් පෙත්සම් 15ක් පමණ අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී අදාල තීරණය දැනුම් දෙන ලදි.

තවද මෙම පෙත්සම් සමථයට පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ලබන 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here