රේගුවෙන් රඳවාගෙන සිටින වාහන මුදාහැරීමට අධිභාරයක් අයකිරීම සම්බන්ධයෙන් විරෝධයක්

0
2

රටින් බැහැරව බැංකු ණයවර ලිපි විවෘත කර මෙරටට ආනයනය කිරීමේ හේතුව මත ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන 35% ක අධිභාරයක් පනවා මුදා හැරීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් ඉදිරිපත් කළ යෝජනාවට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු අභියාචනාධිකරණය හමුවේ විරෝධය පළකර තිබේ.

මෙම කරුණට අදාළව වාහන ආනයනකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ මෙම විරෝධය පළ කළේය.

ඊට අමතරව තවත් ආනයනකරුවන් කිහිපදෙනෙකු වෙනූවෙන් පෙනීසිටි ඉක්‍රම් මොහොමඩ් සහ සංජීව ජයවර්ධන යන ජනාධිපති නීතිඥවරුද මෙම යෝජනාවට විරෝධය පළ කර තිබේ.

එම ජනාධිපති නීතිඥවරු ද සඳහන් කළේ අදාළ වාහන රඳවාගැනීමට රේගුව ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශව කිහිපයක් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙවැනි අධිභාරයක් පනවනු ලැබූවොත් ඒ තුළින් වාහනයේ මිල ඉක්මවා යන තත්ත්වයක් උද්ගත වන බවත් සඳහන් කළේය.

ඇපකරයක් මත වාහන නිදහස් කිරීම සම්බන්ධයෙන් ද දැඩි විරෝධය පළකළ ජනාධිපති නීතිඥවරයා පෙත්සම්කරුවන් අධිකරණයට ලබාදෙන පොරොන්දුවක් මත එම වාහන මුදාහැරීමට හැකියාව තිබෙන බවත් සඳහන් කළේය.

මෙම පෙත්සම් පෙරේදා (30) කැඳවූ අවස්ථාවේදී විනිසුරුමඬුල්ල විසින් ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාට දැනුම් දුන්නේ මෙසේ රඳවාගෙන සිටින වාහන “සමාගම් ඇපකරයක්” හෝ “පෞද්ගලික ඇපකරයක්” හෝ අධිකරණයට ලබාදෙන කිසියම් ප්‍රතිඥාවක් මත මුදා හැරීමට හැකියාව තිබේදැයි සොයා බලන ලෙසටය.

එවැනි පදනමක් යටතේ අදාළ වාහන මුදා හැරීමට තිබෙන හැකියාව පිළිබඳව ඔක්තෝබර් මස 10 වනදා අධිකරණයට දැනුම්දෙන ලෙසත් විනිසුරුමඬුල්ල විසින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාට කළ නියෝගයේ සඳහන් වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here