කාන්තාවන් විදිහට අපි ඇඳුම් තෝරාගැනීමේදී ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙනව නේද?
නමුත් මිලෙන් අධික ප්‍රසිද්ධ වෙලඳ නාමයක් යටතේ ඇති ඇඳුමක් වගේම සාමාන්‍ය මිල ගණන් වලට මිලදී ගන්න පුළුවන් ඇඳුමක් වුනත් ඔබේ නොසලකිල්ල නිසා වැඩි කාලයක් පාවිච්චි නොකල හැකි තත්වයට පත් වෙන්න පුළුවන්.
ඇඳුම් සේදීමේ දී ඔබ අනුගමනය කරන වැරදි ක්‍රම මේ සඳහා ප්‍රධාන හේතුවක් වෙනව.
ඒ නිසයි නිවැරදිව ඇඳුම් සෝදාගන්න ආකාරය ගැන ඔබව දැනුවත් කරන්න අපි හිතුවෙ.
ඇඳුම් වල පාට හා රෙදි වර්ගය පිළිබඳ සැළකිලිමත් වෙන්න
මෙහිදී ඔබ සුදු පැහැති, ක්‍රීම් පැහැති, ලා වර්ණ හා සුදු පැහැයට හුරු පැස්ටල් වර්ණවල ඇඳුම් වෙනමත් තද පාට ඇඳුම් වෙනමත් සෝදාගත යුතුයි.
තද පාට ඇඳුම් වල වර්ණ බොහෝ විට රෙදි සේදීමේදී ඉවත් වීම දකින්න ලැබෙනව.
මේ ඇඳුම් එකට සේදුවොත් ඒ වර්ණ ඔබේ ලා පාට ඇඳුම් වල පැල්ලම් ඇතිකරන්න පුළුවන්.
ඒ වගේම ඩෙනිම් වගේ තද රෙදි වල ඇඳුම් සහ සිල්ක් රෙදි වගේ සැහැල්ලු රෙදි වෙනමත් සේදිය යුතුයි.
විශේෂයෙන්ම ඔබ washing machine (රෙදි සෝදන යන්ත්‍රයක්) පාවිච්චි කරනවා නම්, මේ තද රෙදි හොඳින් සේදීමට ගත වෙන කාලයේදී සැහැල්ලු ඇඳුම් වලට හානි වීම අනිවාර්යෙන් සිදුවෙනවා.
ලේබලය හොඳින් කියවන්න
සමහර රෙදි වර්ග සේදීමේ ක්‍රමය ගැන ඔබට හරි හැටි අවබෝධයක් නැත්නම් ඇඳුමේ ලේබලය පරීක්ෂා කරන්න ඔබට පුළුවන්.
රෙදි වර්ගය, සේදිය යුතු ක්‍රමය, ඩයි වර්ග පාවිච්චි කල හැකි ද නොහැකි ද වගේම ඇඳුම් වේලා ගතයුතු ආකාරය ගැනත් ලේබලයේ සඳහන් වෙනව.
ජලයේ උෂ්ණත්වය ගැනත් සැළකිලිමත් වෙන්න
සුදු හා ලා පාට ඇඳුම් උණු වතුරෙන් සේදීම වඩා සුදුසුයි.
සුදු පැහැයට හුරු ඇඳුම් දුර්වර්ණ වීම හා පහසුවෙන් කුනු ගෑවීම සිදුවෙන නිසා උණු වතුරෙන් සේදීමෙන් එවැනි දුර්වර්ණ වීම් වගේම කුනු ඉවත් වීමත් සිදුවෙනවා.
සීතල වතුරෙන් රෙදි වල වර්ණ ඉවත්වීම වලක්වනවා.
ඒ නිසා තද පාට රෙදි සේදීමට වඩා සුදුසුයි.
ඒ වගේම කපු (cotton) ඇඳුම් සේදීමට සීතල වතුර යොදා ගැනීමෙන් කපු රෙදි හැකිළීම අඩු කරගන්න පුළුවන්.
ඇඳුම් වල බර වගේම ප්‍රමාණයත් ඉතා වැදගත්
රෙදි සෝදන යන්ත්‍රයට (washing machine) හෝ බේසමට රෙදි තදකරමින් පිරවීම නොකල යුතුයි.
සමහරවිට ඔබට ඔබේ සෝදන කුඩු හෝ දියර ඉතුරු කර ගැනීමට පුළුවන් වෙන්න පුළුවන්.
නමුත් එයින් ඔබ බලාපොරොත්තු වෙනව වගේ රෙදි වල කුණු ඉවත් වීමක් සිදුවෙන්නෙ නෑ වගේම අඩු ජල ප්‍රමාණයකින් වැඩි රෙදි ප්‍රමාණයක් සේදීමට යාම ඔබේ රෙදි සෝදන යන්ත්‍රයට (washing machine) හානිදායක වෙන්නත් පුළුවන්.
ඇඳුම් සේදීමේ නිවැරදිම ක්‍රමය තෝරා ගන්න
රෙදි සෝදන යන්ත්‍රයක (washing machine) ඇඳුම් සේදීමේදී එහි සාමන්‍ය සේදුමෙන් ඔබට සුදු හෝ ලා පැහැති ඇඳුම් වර්ග සෝදාගන්න පුළුවන්.
සමහර රෙදි සෝදන යන්ත්‍ර (washing machine) වල ඇති,
Permanent press ක්‍රමය, උණු වතුරෙන් රෙදි සේදීම ආරම්භ කර සීතල වතුරෙන් අවසන් කරන ක්‍රමයක් නිසා තද පාට අඳුම් වලටත්.
Delicate ක්‍රමය, යට ඇඳුම් සේදීමටත් වඩා යෝග්‍යයි.
එම ක්‍රම වෙනම සඳහන් වෙලා නැත්නම් සේදීමේ කාලය හා වාර ගණන අඩු වැඩි කිරීම සිදු කිරීම වගේම පාට හා රෙදි වර්ගය අනුව ඇඳුම් වෙන්කර සේදීමත් කල හැකියි.
අතින් රෙදි සේදීමේදී එක් භාජනයක සෝදන කුඩු හෝ දියර වල පෙගුනු ඇඳුම් තවත් පිරිසිදු වතුර භාජනය දමා එක් වරක් හෝ කීප වරක් සෝදා ගැනීමට ඔබට පුළුවන්.
Saru FM Media