රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති සහ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රක්ෂිත බන්ධනාගාරයට – Saru News | සිංහල

0
4

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති සරත් කෝන්ගහගේ සහ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ යන දෙදෙනා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කර තිබේ.

ඒ, අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් පිටත සේවකයින් 06 දෙනෙකු බඳවා ගෙන, හිටපු ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරමින්, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 14.32ක පාඩුවක් සිදුකිරීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනා වේ.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here