රූපලාවණ්‍ය උපකරණ පිළිවෙලකට අසුරන ස්මාර්ට් ටිප්ස්

0
11


“ඩ්‍රෙසින් ටේබල් එක උඩ අපායක් වගේ.ඕක අස් කරගන්න” ඔබත් මේ වගේ කතා අහලා තියන කෙනෙක්ද? ඔබටම අමතක වෙලා ආලේපන කල් ඉකුත් වෙනවද? ඔබේ ආලේපන ගල්වන්න පවා ඔබට අමතක වෙලා යනවද?කොහොමද ඔබේ ආලේපන පිළිවෙලකට වර්ග කර ගන්නේ

මේ හැම ගැටළුවක්ම සරලවම විසඳා ගමුද?

මේවා කාණ්ඩ යටතේ වෙන් කර ගැනීම ගැලපෙනවා.ඔබ කරන ආලේපන වෙන වෙනම අසුරා ගන්න.මේවා Face care,Body care,Foot Care,Purfume ලෙස මෙන්ම වර්ග කරන්න ඉන්පසු උදෑසන ආලේප,රාත්‍රී ආලේපන ලෙස වෙන් කර ගන්න.face masks, toners, moisturizers, acne treatment creams ලෙස නැවත නැවත වර්ග කරන්න.

කල් ඉකුත් වූ ආලේපන ආලේප කිරීම ඔබට විවිධ ආසාත්මිකතා ඇති කරන්නට පුළුවනි.ඔබ කල් ඉකුත් වීම ගැන පරීක්ෂාවකින් තොරව ආලේප කරන්නට යාම ගැටළු ඇති කරන බැවින් මුලින්ම කල් ඉකුත් වූ ආලේපන ඉවත් කරන්න.

සමාජජාලාවල දකින දේවල් නිසා ,වෙළඳ දැන්වීම් නිසා,සාප්පු සවාරියේ දී හදිසියේම දකීම නිසා අපි විවිධ ආලේපන ගෙදරට උස්සාගෙන ගෙන එනවා.නමුත් ඒවා පාවිච්චි කරනවා අඩුයි.ඒ වගේම එක් වරක් ආලේප කර පසු නොගැළපෙන බව වටහා වටහා ගන්නා ආලේපන ද ඔබ ළඟ තිබෙන්නට පුළුවන්.ඒවා මේ දැන්ම ඉවත් කරන්න.

 ප්ලාස්ටික් හෝ වේවැල් කූඩා කිහිපයක් මිලට ගන්න.මුලදී අපි කතා කළ පරිදි  වෙන් කරගත් ආලේපන වර්ග ඒ කූඩවල අසුරා ගන්න.එක් එක් එක් වර්ගය සඳහා විවිධ වර්ණ කූඩා පාවිච්චි කිරීමත්  ඔබට පහසුවක් ගෙන දෙයි.

ඔබේ කණ්නාඩි මේසය මේ සෑම නිෂ්පාදනයක් තබන්නට ඉඩ ඉඩකඩ මදි නම් රූප සටහනේ දැක්වෙන පරිදි බිත්තියට සවි කළ කුඩා රාක්ක ඔබට භාවිතා කරන්නට පුළුවන්.එය ඔබට පහසුවක් ගෙන එන අතර කාමරයට ද ලස්සනක් එකතු කරාවි.

ඔබේ සුවඳ විලවුන්,මුහුණට ආලේප කරන ක්‍රීම්,ඔබ නිතරම පාවිච්චි කරන තොල් ආලේපනය,වැනි දේවල් පමණක් කණ්නාඩි මේසය මත තබා ගන්න.

ඔබට මේවාත් නිෂ්පාදන සමාගම අනුව හෝ නිෂ්පාදන වර්ගය අනුව අසුරන්න පුලුවන්.රාක්කයේ පළමු තට්ටුවේ ෆේස් සීරම්,ස්ක්‍රබ්,ෆේස් මාස්ක් වැනි දේ තබන්න පුලුවන්.මේකප් බඩු සඳ්හා තව තට්ටුවක් ද,ඔබේ Pedicure සඳහා භාවිතා කරන දේට තවත් තට්ටුවක් ද වශයෙන් වෙන් කරන්න.

ඔබ ඔබේ රූපලාවණ්‍ය ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ ලස්සනට ඉන්න.නමුත් එය ඉතාම අපිළිවෙළට පවතිනවා නම් ඔබේ මූලික අරමූණම ඉටුවී නැහැ.ඒ නිසා ලස්සනට ඉන්න පාවිච්චි කරන දේවල් ලස්සනට තියාගන්න.පිළිවෙල ටත් පිරිසිදුවට ඉන්න ලොකුවටම මහන්සි වෙන්න වුවමනා නැහැ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here