රුපියල් ලක්ෂ 60කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ත්‍රීරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට දොඩංගොඩ පොලිසිය සමත්ව තිබේ.
ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 225ක් හා විද්‍යුත් තරාධියක්ද පොලිස් භාරයට ගෙන ඇත.
දොඩංගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ඉකුත් 07වෙනිදින රාත්‍රී ජංගම සංචාරයේ යෙදෙමින් විෂමත්ද්‍රව‍්‍ය වැටලීම් රාජකාරී නිරතව සිටියදී දොඩංගොඩ හර්මන් වත්ත දෙවන අදියර ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදවා රථවාහන පරික්ෂා කිරීමේ යෙදී සිට ඇත.
එම අවස්ථාවේදී හර්මන් වත්ත ප්‍රදේශයේ සිට කළුතර මතුගම ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් පැමිණ තිබේ. පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කරන අයුරු දැක එම ත්‍රීරෝද රථය ආපසු හරවා යාමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේ පොලිස් සැරයන් වරයෙකු දිව ගොස් එම ත්‍රීරෝද රථය නවතා අනෙකුත් නිලධාරීන් සමඟ පරික්ෂා කර ඇත.
එම පරීක්ෂාවේදී මෙලෙස අයස් මත්ද්‍රව්‍ය සහ විද්‍යුත් තරාධිය හමු වී තිබේ.
0
Saru News
















