රු.මිලියන 33ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ තරුණියක් අත්අඩංගුවට!

0
8


කොළඹ LNW: ඉන්දියාවේ බැංගලෝර් සිට මෙරටට නීති විරෝධීව කුෂ් නැමැති මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි ශ්‍රී ලාංකික තරුණියක් රේගු මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඇය විසින් සිය ගමන්මළු ඇතුළත කෘතිමව සැකසු ලී රඳවනයක් තුළ ඉතා සූක්ෂමව සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 3 ග්‍රෑම් 290ක් රේගු නිලධාරින් විසින් සිය භාරයට ගෙන ඇති අතර රේගු නිලධාරින් පවසන්නේ සොයාගත් කුෂ් මත්ද්‍රව්‍යයේ වටිනාකම රුපියල් මිලියන 33ක් පමණ වන බවයි.

සැකකාරිය කොලඹ 10 ප්‍රදේශයේ තරුණියක් වන අතර ඇය රේගු පරිශ්‍රය පසුකර යාමට උත්සාහ කිරීමේදි නවතා පරීක්ෂා කිරීමේදි මෙම මත්ද්‍රව්‍ය තොගය හමුව තිබේ.

වැඩිදුර පරීක්ෂණ කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකරනු ලබයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here