බම්බලපිටිය පොලිස් වසමේ රිජ්වේ පෙදෙස මාර්ගයේදී ක්ෂණික මාර්ග බාධකයක් යොදා සිදුකළ වැටලීමකදි රුපියල් කෝටි 03කට අධික අයිස් තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 16ක්, ජංගම දුරකථනයක්, තරාදි 02ක්ද එම නිලධාරීන් භාරයට ගෙන ඇති අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත.
ඔහුගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම්වලදී තමන්, විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වූ වැලිඔය ප්‍රියන්ත හා SF ජගත් නැමැත්තාගේ සමීපතමයෙකු බවට අනාවරණය කර තිබේ.
ඔහු යතුරු පැදියකින් ගමන් කරමින් සිට ඇති අතර ඔහු අහඹු පරීක්ෂාවකට ලක් කර ප්‍රශ්න කිරීමේදී ඇති වූ සැකය මත අත්අඩංගුවට ගෙන ඇත. එහිදී සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් පසු අනාවරණය වූ තොරතුරු මත වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම අයිස් මත්ද්‍රව්‍ය සහ සෙසු උපකරණ පොලිසිය විසින් සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
6
Saru News








