රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට්නික් (BUREVESTNIK) කෘෘස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින් අනාවරණය කර තිබේ.
රුසියාව මෙම අති නවීන මිසයිලය අත්හදා බලා ඇත්තේ පසුගිය සතියේ න්‍යෂ්ටික අවි අභ්‍යාසයක නිරතවීමෙන් අනතුරුවය.
එම න්‍යෂ්ටික අවි අභ්‍යාසය වගේම මෙම නව මිසයිල අත්හදා බැලීම තුළින් රුසියාව, බටහිර පණිවුඩයක් ලබාදෙන බව විචාරකයන්ගේ අදහස වී ඇත.
රුසියාවේ ඉහළම හමුදා සෙන්පතියා වන වැලරි ගෙරාසිමොෆ් මෙම මිසයිල අත්හදා බැලීම සාර්ථකව සිදුවූ බව ජනපති පුටින්ට වාර්තා කර තිබුණි.
ඔහු සඳහන් කළ ආකාරයට මෙම කෘෘස් මිසයිලය පැය 15ක් තිස්සේ ගුවන්ගතව කිලෝමීටර් 14,000ක් දුර ගමන් කර ඇත.
මිසයිල අත්හදා බැලීම සිදුව ඇත්තේ ඔක්තෝබර් 21 වැනිදා වුවත්, එය ජනපති පුටින් විසින් අනාවරණය කළේ ඊයේ දිනයේදී ය.
කුණාටු ලිහිණියා යන අරුත් ඇති බුරෙවෙස්ට්නික්, ලෙස හැඳින්වෙන මෙම මිසයිලය වර්තමාන මෙන්ම අනාගත ආරක්ෂණ පද්ධතිවලට අදිසි (INVICIBLE) මිසයිලයක් ලෙස ජනපති පුටින් විසින් හඳුන්වා ඇත.
ඊට අසීමිත දුරකින් පිහිටි ඉලක්කයකට වුවත්, සිතාගත නොහැකි ගමන් පථයකින් ළඟාවිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව මෙම මිසයිල තාක්ෂණය ලොව වෙනත් කිසිදු රටක් සතු නොවන බවත් ජනපති පුටින් අවධාරණය කළේය.
යුක්රේනයට එරෙහි යුද්ධය මෙහෙයවන රුසියානු හමුදා ජෙනරාල්වරුන් සමග පැවති සාකච්ඡාවක් සඳහා හමුදා කැලෑ ඇඳුමකින් සැරසී ජනපති මේ බව ප්‍රකාශ කරන වීඩියෝවක් ද ක්‍රෙම්ලින් මන්දිරය ඊයේ නිකුත්කර ඇත.
මෙම නව වැඩිදියුණු කළ න්‍යෂ්ටික බලගැන් වූ කෘෘස් මිසයිල ව්‍යාපෘතිය ජනපති පුටින් මුල්වරට දියත් කළේ 2018 වසරේදීය.
රුසියාවේ ඇතැම් යුධෝපකරණ විශේෂඥයින් පවා මෙවැනි අවියක් තැනීම ගැන සැක පළ කළත්, එය යථාර්ථයක් බවට පත්වී ඇති බව ජනපති පුටින් වැඩිදුරටත් පැවසීය.
රුසියාව මේ අවස්ථාවේ තමන්ගේ යුධ ශක්තිය නවීකරණය කොට පවත්වා ගැනීමේ අවශ්‍යතාව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාමයට යොමු වූ මාවතක් වෙනුවට ජනපති පුටින් මෙලෙස යුධ ශක්තිය ප්‍රදර්ශනය කිරීම යෝග්‍ය ද යන්න පිළිබඳව ආරක්ෂක විශ්ලේෂකයන් අතර මේ වන විට කතාබහක් ද නිර්මාණය කර ඇත.
Saru FM Media











