යුක්‍රේනයට රුසියාවෙන් එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ දකුණු යුක්‍රේනයේ වෙළෙඳපොළකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය.
එමෙන්ම ඊයේ දිනයේද යුක්‍රේනයට ප්‍රහාර එල්ල වී ඇති අතර ඉන් සිවිල් පුද්ගලයින් 15 දෙනෙකුද ජීවිතක්ෂයට පත්විය.
මේ අතර යුකේනය විසින්ද දකුණු රුසියාවේ ටැගන්රෝග් නගරයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
දෙරට අතර කාලයක් පුරාවට පවතින මෙම යුද ගැටුම් තවදුරටත් පවතින අතර ගැටුම් හේතුවෙන් යුක්‍රේනයට වැඩි හානියක්ද සිදුව ඇත.
Saru News
















