රුසියානු හමුදා ගුවන් යානයක් කඩාවැටී 29ක් මරුට

0
2

ක්‍රිමියානු අර්ධද්වීපයට ඉහළින් වූ ප්‍රදේශයේ දී An-26 වර්ගයේ රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් 29 දෙනෙකුට දිවි අහිමි වී ඇති බව විදෙස් මාධ්‍යවල දැක්වේ.

යානයේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

මියගිය පිරිස අතර ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හයදෙනෙකු ද සිටින බව පැවසේ.

ඊයේ (31) දිනයේ දී මොස්කව් වේලාවෙන් සවස 6ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ බව තහවුරු කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here