රුසියානු – යුක්‍රේන යුද්ධය ගැන රුසියානු ජනාධිපතිගෙන් විශේෂ තීරණයක්

0
12


රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පාස්කු ඉරිදා අවසානය තෙක් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියානු ජනාධිපතිවරයා එරට සියලු හමුදාවන්ට නියෝග කර ඇත්තේ පාස්කු සැමරුම් අවසන් වනතුරු සියලු හමුදා මෙහෙයුම් නතර කරන ලෙසයි.

ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ඊට ප්‍රතිචාර දක්වමින් පවසන්නේ තමන් එම සටන්විරාමයට අනුගත බවයි.

එහෙත් රුසියාව විටින් විට එය කඩකරන බවට චෝදනා එල්ල කරන බව එරට මාධ්‍ය වාර්තා කළා.

සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු කොන්දේසි විරහිතව පූර්ණ නිහඩතාවක් රුසියාව ක්‍රියාත්මක කරන්නේ නම් ඊට තමා ද එකඟවන බව සෙලෙන්ස්කි කියාසිටිනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here