රුසියානු සමූහාණ්ඩුවේ බලශක්ති කටයුතු පිළිබද නියෝජ්‍ය ඇමති රෝමන් මාර්ෂවින් (Roman Marshavin) ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සදහා අද (26) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.
ඔහු සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකු පැමිණ සිටිති.
ඔවුන් අද පෙරවරු 10.52ට රුසියාවේ මොස්කව් නුවර සිට එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 588 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.
ඔවුන් පිළිගැනීම සදහා ආර්ථික සංවර්ධන කටයුතු නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් (Levan Dzhagaryan) ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
1
Saru News
















