ශ්‍රී ලංකාව න්‍යෂ්ටික විදුලි බලාගාරයක් සංවර්ධනය කිරීම සඳහා රුසියාවෙන් ඉදිරිපත් වූ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
බලශක්ති උත්පාදනයට තවදුරටත් රජය නවීන පුනර්ජනනීය ශක්ති මූලාශ්‍ර වෙත සිය විශ්වාසය තබා ඇතැයි ද පැවසේ.
මෙම යෝජනාව, රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුරච ඉදිරිපත් කර තිබූ අතර, කුඩා මොඩියුලර් න්‍යෂ්ටික බලාගාරයක් පිළිබඳව ශ්‍රී ලංකාව කැමැත්ත පළ කළහොත් සාකච්ඡා ආරම්භ කළ හැකි බවද ඔහු පෙන්වාදී තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති රුසියානු තානාපති ලෙවන් ධගාරියන් මහතා විසින්ද විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාට ද මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව පැවසේ.
එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වූයේ නම් වර්තමාන විදුලිබල හිඟ ගැටළු වළක්වාගත හැකිවවනු ඇතිබව ද ඔහු පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, අමාත්‍ය හේරත් මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව මේ වනවිට න්‍යෂ්ටික ශක්තියට වඩා පුනර්ජනනීය ශක්ති මූලාශ්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙන බවයි.
න්‍යෂ්ටික ශක්තිය පිළිබඳ සාකච්ඡා වසර ගණනාවක් පුරා ශක්‍යතා අධ්‍යයන සහ යෝජනා ඇතුළුව පැවැතිය ද, ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් තවමත් සිදු වී නොමැත.
2023 වර්ෂයේදීද ශ්‍රී ලංකා පරමාණු ශක්ති අධිකාරිය විසින් රුසියාවෙන් ඉදිරිපත් වූ භූමියෙහි හෝ මුහුද මත න්‍යෂ්ටික බලාගාරයක් සංවර්ධනය කිරීමේ යෝජනාවක් පිළිබඳව සාකච්ඡා කර තිබුණි.
රුසියාව විසින් බංග්ලාදේශය, චීනය සහ ඉන්දියාව වැනි රටවල න්‍යෂ්ටික විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘති මේවන විට ක්‍රියාත්මක කරමින් සිටී.
Saru News
















