රුව වැඩුමට සහල් වතුර

0
8


සහල් වතුර සැලෝන් නොයා ගෙදරදීම ඔබේ රුව රැකගැනීම සඳහා ඇති හොඳම පිළියමක් වේ. මෙය බොහෝ සෙයින් ජපන් කාන්තාවන් අතර ප්‍රචලිතයි. සහල් තැම්බූ ජලය දිලිසෙන සහ පැහැදිලි සමක් ලබාගැනීමට උපකාරී වේ. මෙය වියළි තෙල් සහිත හා සාමාන්‍යය සම වැනි ඕනෑම ආකාරයේ සම් වර්ගයක් සඳහා සුදුසු වේ.

සහල් වතුර ඛණිජ ලවණ, විටමින් බී, සී සහ ඊ ආදී පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් ඉහළයි. මෙම සම සහ හිසකේ සත්කාරක යහපත් ය. මෙය වෙළෙඳපොළ තුළ ලබා ගත හැකි ඕනෑම රූපලාවන්‍ය නිෂ්පාදනයක් මෙන් හොඳම ප්‍රතිඵල ලබාදෙයි.

පළමුව ඔබේ හිසකෙස් ෂැම්පුකර සෝදා ඒ මතට සහල් වතුර වත් කරන්න. සහල් තැම්බූ ජලය, සාමාන්‍ය ජලය සමඟ තනුක කළ පසුව හිසකෙස් මත භාවිතාකිරීමට වග බලා ගන්න. කැමති නම් essential oil බින්දු කිහිපයක්   ද එක් කළ හැකියි. විනාඩි 10 ක් පමණ ඇඟිලි වලින් මෘදු ලෙස සම්බාහනය කරන්න.  සතියකට දෙතුන් වාරයක් මෙම ක්‍රියාවලිය නැවත නැවතත් සිදු කරන්න. පහසුවෙන්ම ඔබට නිරෝගීමත්, දිදුලන කෙස් කළඹකට උරුමකම් කියන්නට හැකිවේවි.

සහල් සේදූ ජලය ස්වභාවික විශිෂ්ට skin toner එකක් ලෙස කටයුතු කරයි. සහල් වතුර කපු තුවායකින් පොඟවා මුහුණ ඔබේ සම මත ඇති පැල්ලම්, කුරුළෑ ලප  කැළැල් අවම කිරීමට සහ සම රත්පැහැ ගැන්වීම අවම කර ගැනීමට උපකාරී වේ. සහල් තම්බූ ජලය ඔබේ සමේ තරුණ බව රැකගැනීමට ද උපකාරී වේ.

ඔබේ සම, මුහුණ හා හිසකේ ලස්සන කරගැනීම සඳහා  මෙම කාර්යක්ෂම සහ මිල අඩු ස්වාභාවික සත්කාරය භාවිතාකරබලන්න.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here