අප වියපත් වන විට වෙනස්කම් රාශියක් සිදුවෙනවා. පැහැය අඩුවීම, සම වියලි වීම, රැළි ඇතිවීම, පිරුණු ස්වභාවය අඩු වීම, මුහුණේ හැඩය වෙනස් වීම ඒ අතර ප්‍රධාන වනවා. ඉතින් මින් මිදීම සඳහා විවිධ දේවල් කිරීමට බොහෝදෙනා පෙළඹෙනවා. ආලේපන වලට අමතරව වියපත් වීම වලක්වන විවිධ ප්‍රතිකාර අද ලෝකයේ තිබෙනවා.
මෙම එන්නත මඟින් සිනහසීමේදී සහ මුහුණේ හැඟීම් ප්‍රකාශ කිරීමේදී ඇතිවන රැළි පාලනය කරනු ලබනවා. නළලේ සහ ඇස වටේ ඇති රැළි ප්‍රධාන වශයෙන් පාලනය වෙනවා.
මෙය එන්නත් මඟින් කරනු ලබනවා. සමට යටින් ඇති මේද තට්ටුව තුනී වීම නිසා මුහුණේ ඇතිවන එල්ලා වැටීම්
ගිලා බැසීම් පාලනය කිරීම මෙමඟින් සිදු වෙනවා.මෙහිදී කරන්නේ කොලජන් සමට යටින් එන්නත් කිරීම වනවා .
මෙමගින් සමේ තිබෙන කොලජන් තන්තු වර්ධනය වීම සිදුකරනු ලබනවා. වියපත් වන සම වර්ධනයට උදව් වන leser වර්ග කිහිපයක් තිබෙනවා. මෙයින් වන කාර්යයන් එකිනෙකට වෙනස්. එම නිසා වර්ග කිහිපයක් මාරුවෙන් මාරුවට කරගත යුතු වනවා. එසේ කිරීමෙන් දීර්ඝ කාලින අතුරු ආබාධ ඇති වන්නේ නැහැ.
මෙය ඉතා ජනප්‍රිය ප්‍රතිකාරයක්.ප්‍රතිකාරය කරන අයගේ රුධිරය යොදා ගනිමින් සමේ වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වෙන්කරගෙන නැවත ඒවා සමට එන්නත් කිරීම සිදු කරනු ලබනවා. මින් සමට නව පෙනුමක් සහ දීප්තියක් ලැබෙනවා. අතුරු ආබාධ නොමැති සාර්ථක ක්‍රමයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
සමේ ඇති අපැහැදිලිතා ඉවත් කිරීම මෙමඟින් සිදුවෙනවා. රසායන ද්‍රව්‍ය ගැල්වීම මඟින් සමේ මතුපිට ස්තරය ඉවත් කරනු ලබනවා.
මේ සියලු ප්‍රතිකාර සඳහා යොමු වීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව අමතක කරන්නට එපා .
– චම්මි –
Saru FM Media