රුමේෂ්ට 7 වැනි තැන

0
5

ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග එහි 7වන ස්ථානය දිනාගැනීමට සමත් වී තිබේ. එහිදී ඔහු මීටර 84.38ක දක්ෂාවක් දැක්වීමට සමත් විය.

මෙහිදී ඔහු ඔලිම්පික් ශූරයන් දෙපළක් වූ ඉන්දියාවේ නීරාජ් චොප්රා හා පාකිස්තානයේ අර්ෂාද් නදීම් අබිබවා යාමට රුමේෂ් සමත්වීමය.

මෙහි රන් පදක්ම දිනාගැනීමට ටි්‍රනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ රාජ්‍යයේ Keshom WALCOTT සමත් වූ අතර ඔහු දැක්වූ දක්‍ෂතාව මීටර 88.16කි.

22 හැවිරිදි රුමේෂ් මෙම තරගයට ක්‍රීඩාකළ ළාබාලම ක්‍රීඩකයා වන අතර, ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියක අවසන් මහා තරගයක් ක්‍රීඩාකළ පළමු හා එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයාය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here