රුපියල් 500කට කැම්පස් කොල්ලෙක් කැම්පස් කෙල්ලෙකුට කරපු නරුම වැඩේ! Sri Lanka Latest News

0
2


විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූපයක් රුපියල් 500ක මුදලක් රැගෙන වට්සැප් සමූහයක් වෙත යොමු කළ ශිෂ්‍යයෙකුට රුපියල් 5000 දඩයක් ගෙවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (15) නියෝග කළා. Sri Lanka Latest News

එම දඩ නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරිය අගතියට පත් විශ්වවිද්‍යාල දැරියට රුපියල් 50000ක වන්දියක් ගෙවන ලෙසට ද නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් ගොනු කළ පැමිණිල්ලක් අනුව අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීම හේතුවෙන් සැකකාර විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට මෙම දඩ හා වන්දි මුදල් නියම කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් ගොනු කළ පැමිණිල්ලක් අනුව අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීම හේතුවෙන් සැකකාර විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට මෙම දඩ හා වන්දි මුදල් නියම කළා.

අසභ්‍ය ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ඇතුළු චෝදනාවන් දෙකක් සැකකරුට ගොනු කර තිබුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here