රුපියල් ලක්ෂ 50ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාවකට අදාළව ව්‍යාපාරිකයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සැකකරුවෙකු වෙත ඇප ලබාගැනීමට අවශ්‍ය සහය ලබාදීම සඳහාත් ඔහුගේ පවුලේ ඥාතීන් අත්අඩංගුවට ගැනීම වළක්වාලීමට අවශ්‍ය සහය ලබාදීම සඳහාත් සැකකාර ව්‍යාපාරිකයා විසින් අදාළ අල්ලස් මුදල් ලබාගෙන ඇති බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බව අල්ලස් කොමිසම නිවේදනය කරයි.
සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Saru News














