ඩුබායිවල දී තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් මිල දී ගත්, රුපියල් ලක්ෂ තිස් පහක් වටිනා විදේශීය මත්පැන් බෝතල් 234 ක්, නීතිවිරෝධී ලෙස රැගත් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් 05 දෙනෙකු අද (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංච් ව්‍යාපාරිකයන් පිරිසක්.
මොවුන් අද උදෑසන 08.35ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු තුළ මෙම විදේශීය රටක නිෂ්පාදිත විස්කි සහ වොඩ්කා බෝතල් තොගය සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ වනවිට මෙම ව්‍යාපාරිකයන් පිරිස අත්අඩංගුවේ තබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
Saru FM Media