රුපියල් මිලියන 79ක වටිනාකමින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තායිලන්ත ජාතිකයෙකු බන්ඩාරනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට 

0
3


බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි තායිලන්ත ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා 

වයස අවුරුදු 21ක් වූ සැකකරු, බැංකොක් සිට ක්වාලාලම්පූර් හරහා පැමිණි මැලේසියානු ගුවන් සමාගමේ MH0179 ගුවන් යානයෙන් පැමිණි අතර, ඔහුගේ ගමන් මලු තුළ සඟවා තිබූ කිලෝග්‍රෑම් 7.91 ක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය. 

එහි වටිනාකම රුපියල් මිලියන 79 ක් පමණ වන බවයි රේගු නිලධාරීන් සඳහන් කර සිටියේ .

රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් මේහි විමර්ශන මේ වනවිට පවත්වනු ලබන අතර සැකකරු සහ සොයාගත් මත්ද්‍රව්‍ය තොග පොලිස් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයට භාරදීමට නියමිතයි.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here