රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

0
2

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW:

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට සහ පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට එන්තරවාසි යවා තිබෙන බව වාර්ත වේ.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සම්බන්ධයෙන් අපහාසාත්මක සහ අසත්‍ය ප්‍රකාශයක් විද්‍යුත්,  මුද්‍රිත සහ අන්තර්ජාල භාවිත කරමින් ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙන් මෙම එන්තරවාසි යොමුකර ඇත.

නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අසාදු ලේඛනගත ඖෂධ සමාගමක අයිතිකරුවෙකුගේ ණය කාඩ්පතක් භාවිත කරමින් ඉන්දියාවේ දී මිලියනයක පමණ භාණ්ඩ මිල දී ගෙන ඇති බවට ජනතාවට හැගෙන සහ ඒත්තු යන ආකාරයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.

නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන්නේ, 2026 වසරේ පෙබරවාරි 6 වනදා හෝ ඒ ආසන්න දිනක විමල් වීරවංශ මහතා විසින් විද්‍යුත්,  මුද්‍රිත සහ අන්තර්ජාල මාධ්‍යයන් කැදවා පැවැත්වු ප්‍රසිද්ධ රැස්වීමක දී මෙම ප්‍රකාශය සිදුකර ඇති බවටයි .

එමෙන්ම එක්තරා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් විසින් 2026 පෙබරවාරි 7 වනදා පස්වරු 6.50ට විකාශය වු ප්‍රවෘත්ති විකාශයේ විශේෂ ප්‍රවෘත්තියක් ලෙස මෙය ප්‍රචාරය කර ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම ප්‍රකාශය හැදින්වීමක් ද සහිතව යළිත් ප්‍රචාරය කිරිමේ දී අදාළ පෞද්ගලික රූපවාහිනි ආයතනය විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් එහි සත්‍යයතාව පිළිබඳ කිසිදු විමසීමක් සිදුකර නොමැති අතර එම වැඩසටහන තුළින් අමාත්‍යවරයාට කරුණු දැක්වීමට අවස්ථාවක් ද ලබාදී නොමැති බවට වාර්තා වෙයි..

මෙහි අපහාසාත්ම ප්‍රචාරණය හේතුවෙන් සිය කීර්තිනාමයට සිදුව ඇති හානිය වෙනුවෙන් රුපියල් බිලියනය බැගින් ගෙවීමට කටයුතු කරන ලෙස විමල් වීරවංශට සහ පෞද්ගලික රූපවාහිනි ආයතනයට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය නීතිඥවරයා මගින් දැනුම්දී තිබෙන බවද වාර්තා වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here