රුපියල් දෙසීයට පෝෂණයෙන් සපිරි විශේෂ ආහාර වේලක්

0
14


ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන අද (01) නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැලැස්ස” ආපනශාලාවේදී ක්‍රියාවට නංවා තිබෙනවා .

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබා ගනිමින් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ ඒකාබද්ධවයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙන්නේ .

මේ අනුව රුපියල් දෙසීයක් වැනි අඩු මිලකට පෝෂණයෙන් සපිරි විශේෂ ආහාර වේලක් භුක්ති විඳීමට ජනතාවට අවස්ථාව උදා වෙනවා .

මෙම පෝෂ්‍යදායී සමබල ආහාර වේල ඇතුළත් වට්ටෝරුව ඉදිරියේදී රජයේ සහ පෞද්ගලික සියලු ආපනශාලා වෙත හඳුන්වාදීමට නියමිතයි .

ඇසුරුම් කළ දේශීය ආහාර වර්ග මෙන්ම පෝෂ්‍යදායී කෙටි ආහාර වර්ගද, මෙහිදී පහසු මිලට ජනතාවට ලබා ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා .

මෙම අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා එක් වූ අතර ඒ මහතා සඳහන් කළේ ජනතාවට ගුණාත්මක, සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රමාණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට අවස්ථාව සැලසීම අත්‍යවශ්‍ය බවයි.

ඒ වෙනුවෙන් මඟපෙන්වීම සහ වෙළෙඳ ප්‍රජාව තුළ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමග ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව අමාත්‍යවරයා පවසා තිබෙනවා .

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here