රුපියල් කෝටි 30කට අලෙවි කිරීමට සූදානම් වූ ගජමුතු තොගය

0
3

රුපියල් කෝටි 30කට අධික වටිනාකමකින් යුත් ගජමුතු තොගයක් සමග සැකකරුවෙකු මහියංගනය ආදි වාසී ගම්මානයේදී වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විල්පත්තුව, රිටිගල හා මහියංගනය වනජීවි නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමක් මත සැකකරු අද (17) අත්අඩංගුවට ගෙන ඇත.

ආරක්ෂක අංශ වෙත ලැබී ඇති බුද්ධි තොරතුරක් මත මාස ගණනාවක් පුරාවට සිදුකළ විමර්ශනයක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය මෙරටදී එකම ස්ථානයකින් සොයා ගන්නා ලද විශාලතම ගජ මුතු තොගය බවද වනජීවි නිලධාරීන් පවසයි.

එහිදී ගජමුතු 30ක්, දිවියෙකුගේ සමක කොටස්, ඇත් දළයක කොටස්, දිවියෙකුගේ තෙල්, කරුවල ශාක කොටස්, මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක්, සතුන් ඇල්ලීමට යොදා ගන්නා මදු, සහ වනජීවි වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතින් දැඩි ආරක්ෂිත ශාකයක් වන දඹ ශාකවල කොටස් ද නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සැකකරු ඇත් දළ උපයෝගී කර ගනිමින් විවිධ නිර්මාණ සකසමින් කලක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරු වනජීවි භාරයේ රඳවා සිදුකරන විමර්ශනවලින් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here