රුපියල් කෝටි 12කට අධික වටිනාකමක් සහිත කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

0
8


ඉන්දියාවේ සිට බෝට්ටුවක් උපයෝගී කරගනිමින් රුපියල් කෝටි 12කට අධික වටිනාකමක් සහිත කේරළ ගංජා කිලෝග්‍රෑම් 304කුත් ග්‍රෑම් 600ක ප්‍රමාණයක් රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (08) කිලිනොච්චිය – උඩුතුරෙයි මුහුදු ප්‍රදේශයේදියි.

නාවික හමුදාව විසින් සිදු කරන ලද විශේෂ සෝදිසි කිරීමක ප්‍රතිඵලයක් ලෙස සැකකරුව අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම කේරළ ගංජා තොගය බෝට්ටුව තුළ සඟවා පැමිණ ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඉන්දීය මුහුදු සීමාවන්ට ඇතුල් වී ඉන්දීය ජාවාරම්කරුවන්ගෙන් අදාළ කේරළ ගංජා ගෙන මසුන් අල්ලන ධීවරයින්ගේ වෙස්ගෙන අදාළ මත්ද්‍රව්‍ය කිලිනොච්චිය මුහුදු තීරයට රැගෙන ඒමට කටයුතු කර ඇති බව හෙළි ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය – මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කේනි පොලිසිය විමර්ශන සිදු කරනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here