වෙළඳසැලක් බිඳ රුපියල් අනූහයදාහක් වටිනා දුම්වැටි 600 ක් සොරාගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පයාගල පොලිසිය පරික්ෂණ පවත්වයි.
මග්ගොන, දියලගොඩ පදිංචි ඉඹුලාන අප්පුහාමිලාගේ සුරේෂ් දමින්ද යන අය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
තම සිල්ලර වෙළඳසැල උදේ 8.30 ට පමණ වෙළඳසැල විවෘත කර බලන විට වහළේ සීට් එකක් ගලවා ඇතුළුවූ අයෙකු රුපියල් 160ක් වටිනා දුම්වැටි 600 ක් සොරාගෙන ආරක්ෂිත කැමරාවද ගලවාගෙන ගොස් තිබූ බවත් ඔහු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්වේ.
Saru FM Media









