රුපලාවන්‍ය ශිල්පිනියන්ගෙන් සහ වෙදදුරන්ගෙන් ඔබ ඈත් කර තබන හිතවතා -ගොටු කොළ

0
10


ගෘහණියක් ලෙස පවුලේ පෝෂණ අවශ්‍යතාවයන් පිලිබඳ අප මනාව සැළකිලිමත් විය යුතු වනවා. ඉතාමත්ම අඩු මුදලක් වැය වන ඉහළ පෝෂණයෙන් යුතු ගොටු කොළ ඔබේ පෝෂණ අවශ්‍යතාවන්ට මෙන්ම පසුම්බියටත් මනාව ගැළපෙනවා. ගොටුකොළ ප්‍රමාණය ගුණය අනුව වර්ග දෙකක් තියෙනවා. ඒ හීන් ගොටුකොළ සහ රට ගොටුකොළ යන වර්ග දෙක. ගොටු කොළ වැල් වශයෙන් වැවෙන ශාකයක්. ආයුර්වේදයේදී ඖෂධ සඳහා භාවිතා කරන්නේ හීන් ගොටුකොළ වර්ගයයි. මෙම දෙවර්ගයම ආහාරය සඳහා භාවිතයට ගන්නවා.

බය නැතිව ගොටුකොළ කන්න, එමඟින් ඔබගේ.. බුද්ධිය වර්ධනය කරයි. පීනස් සහ සෙම් රෝගයන්ට ගුණ දායකයි. හිසකෙස් පැලී යාම, වියලීම වළකයි. සිරුරේ පටක වැඩීමේ හැකියාව වැඩි කරයි. සැරව තුවාල සුව වෙයි. වයසට යාම අවම කරයි. කාම ශක්තිය වැඩි කරයි. වියළි කැස්සට අඹරා පපුවේ ආලේප කිරීමෙන් සුව වේ. රුධිර සංසරණය ක්‍රමවත් කරයි.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here