රී බිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලක් නැහැ – මුදල් කාරක සභාවේදී හෙළිවෙයි

0
2

‘‘රී බිල්ඩින් ශ්‍රී ලංකා ෆන්ඩ් එක අත හරින්න, නැත්නම් හදන්න’’ යැයි මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටී.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ පසුගියදා පැවැති එම කාරක සභාවේදීය.

රී බිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල සම්බන්ධයෙන් සභාපතිවරයා කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් කාරක සභාවට පැමිණ සිටි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කළේ ගිණුමක් මෙතෙක් පිහිටුවා නොමැති බවත් ඒ වෙනුවෙන් ඇති කළ ගිණුමට එම ආධාර මුදල් ලැබෙන බවත්ය.

‘‘කරනවා, කරනවා කිව්වා. මාස දෙකහමාරක් තුනක් යන්න අවශ්‍ය නැහැනෙ අරමුදල හදන්න. එක්කෝ ඒ වචන අතහරින්න, නැත්නම් ෆන්ඩ් එක හදන්න’’ යැයි ඊට ප්‍රතිචාර දක්වමින් සභාපතිවරයා කීවේය.

දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ පවුල් එක්දහස් තුන්සිය පනස් නවයක් තවදුරටත් රැඳවුම් මධ්‍යස්ථාන 49ක සිටින බවද මෙම කාරක සභාව දී අනාවරණය විය.

ආපදාවට ලක්වූ නිවාස පිරිසුදු කරගැනීම වෙනුවෙන් රුපියල් 25000 දීමනාව පවුල් 426063කට ලබාදී තිබෙන අතර, ඒ සඳහා වැයකර තිබෙන මුදල රුපියල් මිලියන 10674ක් වෙයි. 

නිවාස යථාවත් කර ගැනීම සඳහා වූ රුපියල් 50000 දීමනාව පවුල් 144377කට ලබා දී තිබේ. 

ඒ වෙනුවෙන් වැය වී තිබෙන මුදල රුපියල් මිලියන 7218කි.

සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ සිසුන් 159271 දෙනෙක් සඳහා රුපියල් 15000 බැගින් ලබාදී ඇත. රුපියල් මිලියන 2389ක් ඒ වෙනුවෙන් වැයකර ඇත.

එමෙන්ම කුලී නිවාසවල පදිංචි වීම වෙනුවෙන් පවුල් 2763ක් වෙනුවෙන් රුපියල් මිලියන 165ක් වැයකර ඇත.

(අරුණ)

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here