රිය අනතුරුවලට හේතු වන ප්‍රධාන සෞඛ්‍ය ගැටලු 10ක් – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

0
16

බර වාහන රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය, දුම්පානය සහ කායික – මානසික සෞඛ්‍ය බිඳවැටීම රිය අනතුරු වැඩි වීමට හේතු වී ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

එවැනි කරුණු හේතුවෙන් රටේ දිනපතා රිය අනතුරු වැඩිවීම නිසා බරපතළ ගැටලු රැසක් ඇති වී තිබෙන බව ඊයේ (09දා) මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේය.

රිය අනතුරු සිදුවීමට බලපාන ප්‍රධාන සෞඛ්‍ය ගැටලු 10ක් ඇතැයි කියා සිටි වෛද්‍යවරයා මෙම කරුණු කෙරෙහි අවධානය යොමු නොකළහොත් රිය අනතුරු අවම කරගැනීමට නොහැකි වන බවද පැවසීය.

අධික ලෙස නිදි මැරීම, මත්ද්‍රව්‍ය සහ දුම්පානය, දියවැඩියාව, අධිරුධිර පීඩනය, දුර නොපෙනීම සහ හෘදයාබාධවලින් පීඩා විඳීම, රාත්‍රි කාලයේ ඇස් පෙනීමේ දුර්වලතා පැවතීම රිය අනතුරු සඳහා විශාල බලපෑමක් ඇති කර තිබෙනවා.

අධික මහන්සිය නිසාම මාංස පේශී නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, මානසික සමායෝජනය බිඳ වැටීම, අධික උෂ්ණත්වය හෝ සීතල නිසා පරිවෘත්තීය ක්‍රියාවන් අඩාළ වීම මෙන්ම සේවා මුර ගණනාවක් කටයුතු කිරීම නිසා ජෛව ඔරලෝසුව නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ද මෙම අනතුරුවලට බලපා ඇති බව පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා යැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

සුජීව තත්සර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here