රිමාන්ඩ් කළ මන්ත්‍රී චාමර සම්පත් දසනායක පිටින් කෑම ගන්න ඉල්ලයි

0
13


තමන්ට පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර ලබා දෙන්නැයි රක්ෂිත බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු   එම බන්ධනාගාරයේ ‘එම්’ වාට්ටුවේ රඳවා සිටිනවා. පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් රඳවා සිටින්නේ ද ‘එම්’ වාට්ටුවේ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා සමග තවත් රැඳවියන් අට දෙනෙකු පමණ එම් වාට්ටුවේ රඳවා සිටිනවා.

සාමාන්‍යයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන රැඳවියන්ට ලබා දෙන පහසුකම් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාට ද ලබා දී ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඒ අනුව පැදුරක්, කොට්ටයක්, පිඟානක් සහ කෝප්පයක් මන්ත්‍රීවරයාට ද ලබා දී තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here