රෑට නින්ද නොයනවා නම් මේ දේවල් කරන්න..

0
3

හොඳ නින්දක් ලබා ගන්න අපිට මෙන්න මේ දේවල් කරන්න පුලුවන් .

  • නින්දට පෙර උණුසුම් ජලය ස්නානය කිරීම හෝ ඇඟ සේදීම. එකවර ශරීරයේ උෂ්ණත්වය නැගීම සහ ඉන් අනතුරුව සෙමින් උෂ්ණත්වය සෙමින් බැසයාම නින්ද ඇතිකිරීමට හේතුවක් .
  • මෘදු සංගීතයට සවන් දෙන්න. ඝෝෂාකාරී සංගීතය මගහරින්න.
  • නින්දට පෙර සෙමින් ශරීරය ඇදෙන සේ ව්‍යායාම (Stretching) කිහිපයක් කරන්න.
  • නින්දට පෙර ඔබගේ විනෝදාංශයක නියැලීමත් මනස සන්සුන් කිරීමට වැදගත්.
  • නින්දට පෙර ඔබ කැමතිම පොතක කොටසක් කියවන්න.
  • හොඳින් ආශ්වාස ප්‍රශ්වාස කරමින් ශ්වසන ව්‍යායාම (Breathing Exercise) වල නිරත වීම.
  • ඇස් පියාගෙන මනස සන්සුන් කරගන්න.
  • හැකිනම්, විනාඩි කිහිපයක් භාවනා කරන්න.
  • නින්දට පෙර මනස නොසන්සුන් කරන හෝ මනසට ආතතියක් ඇතිකරන ක්‍රියාකාරකම් මගහැරීම වැදගත්. එවැනි ක්‍රියාකාරකම් ඔබගේ ශරීරයේ කෝටිසෝල් (Cortisol) නැමැති හෝමෝනය වැඩිපුර ශ්‍රාවය වීමට හේතුවක් . මෙම කෝටිසෝල් හෝමෝනය මනසේ අවධානය වැඩිකරන අතර නින්දට බාධා කරනවා .

නොකල යුතු දේවල්

  • මත්පැන් භාවිතයෙන් වලකින්න.
  • දුම්පානය කිරීමෙන් වලකින්න. දුම්පානය කිරීමේදී ශරීරගතවන නිකොටින් නැමැති රසායනික ද්‍රව්‍යය ඔබගේ ස්නායු පද්ධතිය උත්තේජනය කරන බැවින් නින්දට බාධා ඇති කරනවා.
  • රාත්‍රියට බර ආහාරයක් ගැනීමෙන් වලකින්න. බර ආහාරයක් මගින් ඔබගේ ශරීරයේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා වේගවත් කරන අතර ඔබ අවදියෙන් තැබීමට එය හේතුවක්. රාත්‍රී ආහාරයට තෙල්, මිරිස්, හෝ තුනපහ වැඩි ආහාර ගැනීමෙන් ද වැලකී සිටිය යුතුයි.
  • කැෆේන් නැමැති රසායනික ද්‍රව්‍යය අඩංගු තේ, කෝපි, චොකොලට්, සහ කෝලා බීම වැනි ආහාර භාවිතා නොකිරීම.
  • කුසගින්න නින්දට බාධා කරන බැවින් කෑම වේල් මගහැරීම ද නොකල යුතු දෙයක්.
  • සුරතල් සතුන් ඔබගේ නිදන කාමරයේ තබාගන්න එපා.
  • නින්දට යනවිට නිදන කාමරයේ ඇති ඔරලෝසුව දෙස බලන්න එපා. එය ඔබගේ මානසික ආතතිය වැඩිකිරීමට හේතුවක් විය හැකයි. හැකිනම්, ඔරලෝසුව ඇඳ පවතින ස්ථානයට නොපෙනෙන සේ තබන්න.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here