රෑට ඇතිවෙන කැස්ස නවතන නොවරදින පිළියම්

0
12


මේ දිනවල පැතිර යන වෛරස් තත්ත්වයන් නිසා බොහෝ දෙනා කැස්සෙන් පීඩා විඳිනවා. මෙවැනි කැස්ස තත්ත්වයන් රාත්‍රී කාලය වන විට අධික වනවා. මෙයින් ඔබේ නින්දට බාධා ඇතිවෙන නිසා ඒ සඳහා යොදා ගත හැකි පිළියම් ගැනයි අද අපි කතා කරන්නේ.

උණ

සීතල

බ්‍රොන්කයිටීස්

ඇදුම

ශ්වසන මාර්ගයේ ආසාත්මිකතා 

පෙනහලු වල ආසාත්මිකතා 

වෛරස්

නිදන්ගත වෙනත් රෝග

නින්දට පෙර කැෆේන් අඩංගු නොවන උණුසුම් තේ වර්ගයක් පානය කිරීමට හුරුවන්න. මේ තේ සඳහා සීනි වෙනුවට මී පැණි භාවිතා කිරීමටත් වග බලා ගන්න. මීපැණි වල අඩංගු ඖෂධීය ගුණයන් සහ තේ වල උණුසුම් බව නිසාත් ඔබට කැස්ස පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. බොහෝ වෛද්‍යවරුන් පවසන ආකාරයට ඕනෑම උණුසුම් ද්‍රව්‍යයක් ඔබේ ශ්වසන මාර්ගවල ඇති ශ්ලේෂ්මල බිඳීමට උපකාරී වීම එයට හේතුවයි 

නින්දට යාමට පෙර මී පැනි සමග ලෙමන් පානය කිරීමෙන් උගුර සන්සුන් කිරීමට සහ උගුරේ ආසාත්මිකතා වර්දනය වීම පාලනය කරනවා. සමහර පර්යේෂණ වලට අනුව මී පැණි සහ ලෙමන් මගින් කැස්ස සඳහා ඇති ඖෂධ වලින් ලැබෙන බලපෑමට සමාන බලපෑමක් ඇති කරන බව සොයාගෙන තිබෙනවා .

ඔබ නොදන්නවා වුණත් රාත්‍රී කාලයේ දී ඔබට ඇතිවිය හැකි කැස්ස තවත් වර්ධනය කිරීමට හේතුවක් ලෙස අපිරිසිදු ඇඳ ඇතිරිලි සහ විෂබීජ සහිත ඇඳ ඇතිරිලි හේතු වෙනවා. ඔබ කැස්සෙන් පීඩා විඳින කාලයේ දී විශේෂයෙන්ම ඉතා පිරිසිදු කපු ඇඳ ඇතිරිලි භාවිතා කිරීමට සැලකිලිමත් විය යුතුයි. අපිරිසිදු ඇඳ ඇතිරිලි සහ කොට්ට උර වල ඇති විෂබීජ පහසුවෙන් ඔබේ ශ්වසන මාර්ග වලට ඇතුළු වී කැස්ස වැඩි කිරීමට හැකියාව තිබෙන නිසා ඔබ අනිවාර්යයෙන්ම පිරිසිදු ඇතිරිලි භාවිතා කිරීමට වගබලා ගත යුතුයි.

දුම් පානය කිරීම මගින් පෙනහලු දුර්වල වීම වගේම විවිධ ආකාරයේ ශ්වසන අපහසුතා ඇතිවීම සිදුවන බව ඔබ දන්නවා. ඒ වගේම ඔබේ ශ්වසන පද්ධතිය ඉතා පහසුවෙන් ආසාත්මිකතා වලට ගොදුරු වීමත් දුම්පානය නිසා සිදුවනවා. ඊට අමතරව දුම් පානය සිදු නොකරන නමුත් දුමට නිරාවරණය වීම මගින් , සහිත ප්‍රදේශවල කාලය ගත කිරීම මඟින් කැස්ස අධික වීම , ශ්වසන අපහසුතා අධික වීම සහ පෙනහලු වල ආසාත්මිකතා ඇති වීම සිදුවනවා. ඒ නිසා ඔබ දැනටමත් කැස්ස වැනි තත්ත්වයකින් පීඩා විඳිනවා නම් මේ කරුණ පිළිබඳවත් හොදින් සැලකිලිමත් විය යුතුයි 

දහවල් කාලයට වඩා රාත්‍රී කාලයේ දී පරිසරයේ වාතය තරමක් සීතල වනවා. ජනෙල් ඇර තබාගෙන නින්දට යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එයින් වැළකීමට අවශ්‍යයි. පිටත ඇති සීතල වාතය කාමරයට ඇතුළු වීම මගින් ඔබේ කැස්ස තත්ත්වය වර්ධනය වී එය බරපතල ශ්වසන අපහසුතාවයක් කරා යාමට හැකියාව තිබෙනවා. 

ඔබ නිදා ගන්නා ඉරියව්ව අනුවත් කැස්ස වැඩි වීම සිදු විය හැකියි.ඒ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා හිසට වැඩිපුර කොට්ටයක් තබා ගැනීම , නැත්තම් හිස ප්‍රදේශය එසෙවෙන ආකාරයට සකස් කළ හැකි ඇඳක් භාවිතා කළ හැකියි. 

මේ උපක්‍රම භාවිතා කිරීම මඟින් රාත්‍රී කාලයේ දී ඇතිවන පීඩාකාරී කැස්ස නිසා නින්දට බාධා ඇති වීම තරමක් දුරට හෝ පාලනය කර ගන්නට ඔබට හැකියාව තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here